BTS උන්මාදයේ භයානක බව ගැන BTS කියන කතාව
Pied Piper නම් ගීතය BTS Love Yourself her ඇල්බමයෙන් 2017 වසරේදි රසිකයින් අතට පත්වෙන ඉතාම වැදගත් තේරුමක් සහිත ගීතයක්..වැඩි දෙනෙක් ගීතයේ මියුරු තනුව පමණක් අසන නිසා එහි අර්ථය පිළිබදව සොයා බලන්නේ නැහැ..නමුත් මෙය BTS වෙත ඇබ්බැහි වූ ඔබ වෙනුවෙන් නිර්මාණය උනු ගීතයක්..මෙහි පද රචනයට RM , Suga හා Jhope සිය දායකත්වය ලබා දී තිබෙනවා..
ගීතයේ පද අර්ථකථනයට පෙර ඔබ දැනගත යුතුම කාරණය තමයි මෙහි තේමාව.."Pied piper" යනු ඉතාම වැදගත් අර්ථයක් සහිත කතන්දරයක් පිටුපස සගවාගත් වචන දෙකක්..The Pied Piper of Hamelin යනු ජර්මානු ඉතිහාස කතාවක්..මෙහි දැක්වෙන්නේ බටනලාවක් අතින් ගත් මීයන් පලවා හරින්නෙක් ගැන..Hamelin නගරයේ මී වසංගතය පලවා හැරීමට නගරවැසියන් එම පුද්ගලයාගෙන් උදව් ලබා ගන්නවා..ඔහු සිය බට නලාව වාදනය කරමින් බරහිර දෙසට ඇවිද යද්දි එහි මායා බලයෙන් මීයන් ඒ පිටුපස අදී නගරයෙන් පිටතට යනවා..අවසානයේ නගර වැසියන් ඔහුගේ නියමිත ගාස්තුව ගෙවීම ප්‍රතික්ෂේප කරන නිසා ඔහු කෝප වී දෙමව්පියන් නොමැති මොහොතක දරුවන් සිය බටනලා වාදනයෙන් වසග කර ගුහාවකට රැගෙන යනවා..එම දරුවන් යලි කිසිදාක දකින්නට නොලැබුනු බවයි මිත්‍යා කතාවල සදහන් වෙන්නෙ..
මෙම පුරාවෘත්තය සත්‍යක් උවත් අසත්‍යක් උවත් මෙහි The Pied Piper යනු Merriam - Webster ශබ්ද කෝශයට අනුව විශාල රසිකයින් පිරිසක් වසගයට ගත් ගායකයින් පිලිබිඹු කරනා රූපයක්..ගීතයේ පදරචනය දෙස බලමු..
Pied Piper ගීතයේ සිංහල පද රචනය -( මෙය හුදෙක් ස්වයංක්‍රීය පද පරිවර්තනයක් නොවන අතර අර්ථය විමසා මවිසින් කල පරිවර්තනයකි)
භයානක වන නිසා එය වඩා හොඳ ලෙස දැනේවි
ඔබ එහි ඇතුළාන්තය දන්නවා
ඔබට දැන් එය නැවැත්විය නොහැකියි
ඒ නිසා දැන්වත් අවංක වන්න
ගීතය ආරම්භ වන්නේ ගීතයේ අභ්‍යන්තරය ගැන ඉගියකින්..අසන්නාට හොදක් ලෙස දැනෙන මුත් භයානක යමක් හෝ යමෙක් ගැනයි ඔවුන් කියන්නට සැරසෙන්නෙ..අසන්නා හොදින් එය දන්නා නමුත් ඔවුන්ට එයින් ගැලවීමට තරමක් අපහසු යමක්..
නවත්වන්න, දැන් මා දිහා බලන එක නවත්වලා
විභාගයට පාඩම් කරන්න
ඔයාගෙ දෙමාපියො , ප්‍රධානියො මට වෛර කරාවි
වීඩියෝ , පින්තූර, ට්වීට්
Vlive, බොන් වොයේජ්
මම දන්නවා, ඔබ කැමති දේට එරෙහි වීම අසීරුයි
නමුත් නවත්වන්න,
මියුසික් වීඩියෝව පස්සෙ තේරුම් ගන්න
කොහොමත් ඔයාගේ කාමරයේ මගේ පින්තූර ගොඩක් තියෙනවා
එය පැයක් නොවේ මුළු අවුරුද්දක්ම ඒ විදියට ගෙවෙයි
ඉතිං මේ ගීතය මම ඔබට දෙන තෑග්ගක්
RM දෙවන කොටසින් ඒ කවුරුන්ද යන්න කියනවා..ඒ වෙන කවුරුත් නෙවේ ඒ ඔහුයි..(ගීතය ගැන පසුව RM පැවසූයේ මේ ගීතයේ ඔවුන් සත්දෙනා Pied Piper ලෙස භූමිකාව රග දක්වන බවයි) ඔහු කියනව ඔහු දෙස බලා හිදීම මදකට නවත්තන්න කියල..එය අසීරු උනත් ඔවුන්ගේ වීඩියෝ බැලීම , එහි තියරීන් තේරුන් ගැනීම , වීලයිව් , ටුවිටර් , බොන් වෝයේජ් බැලීමෙන් මදකට ඉවත් වී අධ්‍යාපන කටයුතු වලට සම්පූර්ණ අවධානය දෙන ලෙස කියනවා..පැයකට දෙකකට හෝ අවුරුද්දකට උනත් කමක් නෑ..තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගෙන නැවත පැමිනෙන ලෙස කියනවා..ඒ වෙනකන් අහන්න මේ ගීතය ඔහු රසිකයින්ට තෑගි කරනවා..
ඔබට කවුරුත් දඩුවම් කරන්නෙ නෑ
මෙහෙට එන්න, මම ඔබේ පාරාදීසයයි
ඔබට දෑස් වසා ගත නොහැකිද
ඔබට කැමැත්තක් පල කල හැකියි නමුත් එය පලක් වේවිද (මාව ප්‍රතික්ෂේප නොකරන්න)
ඔබේ ඇස් වසාගෙන ඔබේ සවන් යොමු කරන්න
මේ කොටසේදී Pied Piper භූමිකාවෙ ඔවුන්ගේ භයානක පැත්ත පෙන්වා දෙනවා..දෑස්වසා ගෙන සිය මායා නලා හඩට ඇදෙන , පරාදීසයක යන්නාක් මෙන් ඔවුන් පිටුපස වසග වී ඔහේ ඇදෙන කිසි තේරුමක් නැතිව ඔහේ ඔවුන් වෙත එන රසිකයින් ට එහි ඇති භයානක බව මෙයින් කියනවා..හරියට අර Hamelin නගරයේ ලමයි අතරමං උනා වගේ සිය රසිකයින් ටත් ඔවුන් අනතුරු අගවනවා.
බට නලාවෙ හඩ අනුගමනය කරන්න, මේ ගීතය අනුගමනය කරන්න
එය තරමක් භයානක නමුත් මම හරිම මිහිරි ය
මම ආවේ ඔබව බේරා ගැනීමටයි ,මම ආවේ ඔබව විනාශ කිරීමටයි
ඔයා මට කතා කළා, බලන්න? මම හරිම මිහිරියි
බට නලාවේ හඩ අනුගමනය කරන්න
මෙලෙස දෑස් වසාගෙන ඔවුන් පසුපස එන අයට අනතුරු අගවනවා මේ ගමන ඔවුන්ට විනාශයක් ගෙන ඒවි කියල..ඔවුන් යම් විටෙක ජීවිත බේරා ගත් පිරිසක් නමුත් මෙවැනි අවස්ථාවක ඔවුන් ජීවිත විනාශ කරනා පිරිසක් ලෙසට ඔවුන්ගේ චරිතයේ ද්විත්වතාව ගැන පෙන්වා දෙනවා..
ඔබ දන්නවා එය දැනටමත් ආරම්භ වී ඇති බව
ඔබට ඒ හඩ ඇසෙන මොහොතේ
සමහර විට මම ටිකක් භයානක විය හැකියි
Pied piper වගේ
මම ඔබව පරීක්ෂා කරනවා
හොඳ හා නරක නමැති ගසේ ඵල වගේ
දැනටම වාදනය ආරම්භ වී තියෙනවා..ඒ හඩ තරමක් භයානක නමුත් ඔවුන්ගේ යහපත් පැත්ත රසිකයින් ව කෙසේ හෝ ආරක්ශා කරන්නට පොරොන්දු වෙනවා..Pied Piper යනු හොද සේම නරක සමව පිහිටි අයෙක්..එය තීරණය වන්නෙ ඔහුව භාවිතා කරන ආකාරය අනුවයි..
මගේ නලාව සියල්ල අවදි කරනවා
එ හඩ ඔබව තව තවත් පුළුස්සා දමයි
එය ඔබව ඇදගනියි. ඔබ ප්‍රතිචාර දක්වයි
මම නිමක් නැතිව පිඹිමි
මම ඔබේ වරදකාරී සතුටයි
ඔබට ගැලවෙන්න බැහැ, කවදාවත්ම
BTS සංගීත ගමන් නොනවත්වා ඉදිරියට යද්දි ඔවුන්ගේ නලා හඩ තව තවත් තීවුර වෙනවා..එයින් රසිකයින් පිලිස්සේයැයි ඔවුන් බිය වෙනවා..ඔවුන් රසිකයින් ඔවුන් වෙත ඇද ගන්නා තරමටම රසිකයින් ද ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් ඔවුන් පසුපස එනවා..යම් වරදකාරී බවක් එහි තිබුනත් රසිකයින් එය සතුටක් ලෙස දකිද්දි ඔවුන්ට එයින් ගැලවීමට නොහැකි තැනට පත් වෙලා හමාරයි..
BTS උන්මාදයේ නරක පැත්ත ගැන ඔවුන් එදා සිටම අනාවැකි පල කරද්දී අද මේ මොහොතේ එය සත්‍යක් වෙලා අවසානයි..ඔවුන් බිය වූ කාරණය එලෙසම සිදු වෙලා..දෑස් වසා ගෙන ඔවුන් ට ඇබ්බැහි වූ පිරිස් ඔහේ සිය ජීවිත විනාශ කර ගද්දී ඔවුන් Pied Piper ගේ නරක පැත්ත දෑස් පනාපිට ඔප්පු වී තියෙනවා..නමුත් විය යුත්තේ එයද?
කොපමණ කලක් ගත වුවත් ප්‍රථමයෙන් ඔබ සාර්ථක වී දෙවෙනුව ඔවුන් වෙත යාමෙන් ඔවුන්ගේ සංගීතය පැහැදිලි තේරුම් ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා..ඔබට ප්‍රේම කර ඔබව ගොඩ නගාගෙන ඔවුන්ට ප්‍රේම කරන්නට පටන් ගන්න..
"ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෙම නෑ " ගීතයේ සරලම තේරුම එයයි..
ශෙහා 💜
Borahe 💜️🥺
ReplyDelete😍❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete😇💙
ReplyDelete❤
ReplyDeletePerfect
ReplyDelete