#사람
#people_song
#AgustD
#BTSSUGA
ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද?
අතීතයේ ඔයා කතා බස් කරපු අය, ඔයා ආශ්‍රය කරපු යාලුවො, ආදරය කරපු හැමෝම ඔබ ළඟින් අද ඉන්නවද?? ඒ අය ඔබව අතැරලා නම් ඒ අතෑරල ගියේ ඔබේ වැරදි නිසා කියලා ඔබට හිතෙනවද??
මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අරන් තමයි මේ people ගීතය අරගෙන ඔබ හමුවට මා ආවේ...
මේ people ගීතය ලියන්න වගේම produce කරන්නත් අපේ AgustD දායක වෙනවා.. ඒ වගේම මේ ගීතය yoongiගේ දෙවැනි mixtape එක වුණු D-2 album එකේ 7 වැනි tracklist එක විදිහට 2020 මැයි 22 released වෙනවා..
ඉතින් අපි යමු ගීතයෙන් මොනවද කියවෙන්නේ කියලා බලන්න...















මෘදු සුළඟ හමනවිට
අතීතය පුරා පැතිරෙන මිනිසුන්..
හදවතට දැනෙන මිනිසුන්..
මම කෙබඳු පුද්ගලයෙක්ද?
මම හොඳ පුද්ගලයෙක්ද?
මම නරක පුද්ගලයෙක්ද?
මා විනිශ්චය කරන අයුරු වෙනස් වුවත් නිකන් මම මනුස්සයෙක්..
සැවොම ජීවත් වේ..
සැවොම ආදරය කරති..
සැමට අවශ්‍ය වේවි.. අමතක වේවි..
මිනිසුන් වෙනස් වේවි.. මාද වෙනස් වූවා සේ..
ලොවෙහි සදාතනික කිසිවක් නැත..
සෑම දෙයක්ම ගෙවී යන සිදුවීම් පමණි..
Why so Serious?
I'm so Serious..
ඉතින් මොකද?? එය පසු වී ගියාට මොකද වෙන්නේ??
ඉතින් මොකද?? සිත රිදුනත් ඉතින් මොකද??
විටෙක රිදුනත්..
ඇතැම්විටෙක දුක හිතිලා කඳුලැලි ගලා ගියත්..
ඉතින් මොකද?? ඒ විදිහට ජීවත් වුණා කියලා.. ඉතින් මොකද?










ඇත්තටම මන් කොයි වගේ කෙනෙක්ද? අපි හැමෝම ගොඩක් වෙලාවට හිතන ප්‍රශ්නයක් තමයි ඒ.. අපේ යාලුවො, අපේ වටේ ඉන්න හැමෝම අපි ගැන කොහොම හිතනවා ඇද්ද? ඒ ගැන තමයි අපි හැමෝම වද වෙන ලොකුම කාරණාව..
යම් සිදුවීමක් වුණාට පස්සේ අනිත් අය මන් ගැන කොයි විදිහට හිතාවිද? එයාලා මාව මෝඩයෙක් විදිහට දකිවිද? ඇයි මන් ඒ විදිහට හැසිරුණේ කියලා හිත හිතා ජීවත් වෙන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ...
මම ඇත්තටම හොඳ කෙනෙක්ද? එහෙමත් නැත්තම් නරක කෙනෙක්ද? වටේ ඉන්න අය මන් ගැන මොනවා හිතනවා ඇද්ද කියලා හිතෙන්නේ නැතුව මේ විදිහටත් හිතලා බලන්න..
'එයාලා මන් ගැන කොහොම හිතුවත් ඇත්තටම මමත් සාමාන්‍ය මනුස්සයෙක් විතරයි.. '
අපි හැමෝම ජීවත් වෙනවා.. අපි හැමෝම ආදරය කරලා තියෙනවා.. නැත්තම් අනාගතේ ආදරය කරාවි.. අපි අතරම ආදරයක් ලබන අයත් ඉන්නවා, ආදරයක් ලබන්න ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා..
අපි හැමෝටම අවශ්‍යතා තියෙනවා.. ඒ අවශ්‍යතා ඉශ්ඨ කරගන්න එක එක්කෙනාව ආශ්‍රය කරනවා, කාලයත් එක්ක ඒ ඇසුරු කරපු අයව අමතක වෙලා යනවා... ඒක තමයි ලෝක ස්වභාවය...
අනිත් මිනිස්සු විතරක් නෙමෙයි ඔයාත් එහෙමයි මමත් එහෙමයි.. අපි හැමෝම වෙනස් වෙන පුද්ගලයන් කියලා තමයි සුගා මේ මුලින්ම කියලා දෙන්නේ...
මේ ලෝකේ කිසිදෙයක් සදාතනික නැහැ.. තියෙන්නේ ගලාගෙන යන සිදුවීම් විතරයි කියලා අමතක කරන්න එපා..













ජලය ගලායයි එය ගලා යන පරිද්දෙන්..
එහි අවසානයේ කුමක් හෝ ඇති..
විශේෂිත වූ ජීවිත - සාමාන්‍ය ජීවිත
සැම හොඳයි ඒ ගතවන ආකාරයට..
හොඳ දේවල් හොඳයි..
සිතූ පරිදි සැම සිදු නොවේ..
අපහසුකම් සැම සඟවා ගනිති..
නාට්‍යමය ජවනිකා පුන පුනා කිරීම වෙහෙසකර දෙයකි..
මිනිසුන් එලෙස ජීවත් වෙති..
ඔබ එතැන නොමැති විට ඔබට එතැන සිටීමට අවැසි..
ඔබ එතැන සිටින විට ඔබට එතැන සිටීමට අවැසි නැත..
මිනිසා ඥානවන්ත සතෙකු යැයි ඔබට කවුද පැවසුවේ?
මටනම් මිනිසා යනු පසුතැවිලි වන සත්ත්ව කොට්ඨාශයකි...
මිනිසුන් වෙනස් වේවි..
ඔබද වෙනස් වූවා සේ..
ලොවෙහි සදාතනික කිසිවක් නැත..
සෑම දෙයක්ම ගෙවී යන සිදුවීම් පමණි..
ඔබේ සාමාන්‍යය මගේ විශේෂත්වය වනු ඇත..
ඔබේ විශේෂත්වය මගේ සාමාන්‍යය වනු ඇත..
මගේ සාමාන්‍යය ඔබේ විශේෂත්වය වනු ඇත..
මගේ විශේෂත්වය ඔබේ සාමාන්‍යය වනු ඇත..
ඉතින් මොකද?? එය පසු වී ගියාට මොකද වෙන්නේ??
ඉතින් මොකද?? සිත රිදුනත් ඉතින් මොකද??
විටෙක රිදුනත්..
ඇතැම්විටෙක දුක හිතිලා කඳුලැලි ගලා ගියත්..
ඉතින් මොකද?? ඒ විදිහට ජීවත් වුණා කියලා.. ඉතින් මොකද?













ජීවිතය කියන්නේ ම ගලාගෙන ගඟක් වගේ... එහි අවසානය විශේෂිත දෙයක් කියලා හිතාගෙන ඒ ගැන හිත හිතා අපි මේ ජීවිතය ගෙවනවා...
කෙනෙක් සුවිශේෂී වගේ පෙනුනත් එයාගේ විශේෂත්වය මගේ සාමාන්‍ය හැකියාවක් වෙන්න පුළුවන්.. මගේ සුවිශේෂිත හැකියාවන් තව කෙනෙක්ට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.. කෙනෙක් සුවිශේෂී කෙනෙක් වුනත්, සාමාන්‍ය කෙනෙක් වුනත් තමන්ගේ ජීවිතය තමන්ට වටිනා විදිහට ගෙවන්න කියලා තමයි යුන්ගී අපිට කියන්නේ..
හැමෝම ජීවත් වෙන්නේ ගොඩාක් අපහසුකම් මැද්දේ.. ඒත් ඒ අපහසුකම් සඟවා ගෙන තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ.. බහුතරයක් අපි හැමෝම අපිට ප්‍රශ්න නෑ වගේ රඟපානවා... ඒක ඇත්තටම වෙහෙසකර දෙයක් කියලා යුන්ගි අපිට පෙන්නලා දෙනවා...ඒත් ඒක තමයි ජීවිතය..
ඒ නිසා ප්‍රශ්නයක්, ගැටලුවක්, අභියෝගයක් ආවත්, යම් දෙයක් කරගන්න බැරි වුණත්,කාගෙන් බැනුම් ඇහුවත්,
ඇති මන් ඒ මෝඩ වැඩේ කලේ කියලා හිතුනත්, ජීවිතයම එපා වුනත් ජීවත් වෙන්න... මොකද මේ කාලය ඉක්මනින් ගෙවිලා යාවි..
ඉඳලා හිටලා විතරක් නෙමෙයි හැමදාම වගේ අපේ හිත රිදුනා වුනත්, අපි ඇඬුවා වුනත් ඉතින් මොකද?? දුක හිතෙන විදිහට ජීවත් වුණත් කවදාහරි අපිට සතුට උදා වේවි.. මේ විදිහට මේ දුක දැනෙන කාල සීමාව ගෙවිලා යාවි.. ආයෙත් සතුටු හිතෙන දවස් ළඟ ළඟම අපි ගාවට ඒවි.. 

P.S :
People ගීතය :
That that ගීතයත් මේ ගමන්ම බලන්න ඔබට ආරාධනා කරනවා 
:#zege_ami
💜️💜️💜️
ReplyDelete🥰🥰
ReplyDelete❤️❤️❤️
ReplyDeletewow 😍
ReplyDelete💙💙💪
ReplyDelete❤
ReplyDelete