Bomnal (봄날)
#Spring_day
#BTS
හැමෝම දන්න කතාවක්.. ඒ වගේම දුක හිතෙන සිදුවීමක්.. මේ ගීතයට පාදක වුණ දේවල් හැමෝම දන්නවනේ.. ඉතින් මේ ගීතයට පාදක වුණ සිදුවීම හා mv එකේ අර්ථය ගැන හැමෝම දන්න හින්දා මන් හිතුවා මේ ගීතයේ පදවල අර්ථය ඔයාලට ගේන්න කියලා...💜💜
මේ ගීතය ලියන්න RM, Suga දායක වෙනවා.. අපේ RM තමයි මේ ගීතයේ main melody එක හදන්නේ... ඒ වගේම මේ ගීතය Wings album එකේ repackage album එකක් වුණ You Never Walk Alone album එකෙන් 2017 පෙබරවාරි 13 වෙනිදා release වෙනවා...
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
Miss you
Saying this makes me miss you even more
Miss you
Even though I’m looking at your photo
Time’s so cruel, I hate us
Seeing each other for once is now so hard between us
It’s all winter here, even in August
My heart is running on the time
Alone on the Snowpiercer
Wanna get to the other side of the earth, holding your hand
Wanna put an end to this winter
How much longing should we see snowing down
To have the days of spring, Friend
මට ඔයා නැතුව පාළුයි..
මෙහෙම කියද්දී ඔයා නැති පාළුව තව වැඩියෙන් දැනෙනවා...
ඔයාගේ පින්තූරයක් දිහා බලන් හිටියත් මට පාළුයි...
කාලය හරිම නපුරුයි.. මම අපිට වෛර කරනවා..
අපි දෙන්නා එකිනෙකා දිහා බලන එකත් දැන් අමාරු වැඩක්..
අගෝස්තු වුණත් මෙහෙ දැන් ශීත කාලය..
මගේ හදවත කාලයත් එක්ක දුවනවා..
මේ හිම පියලි එක්ක දැන් තනි වෙලා..
ලෝකයේ අනිත් පැත්තට ගිහින් ඔයාගේ අතින් අල්ලා ගන්න ඕනි..
මේ ශීත කාලය ඉවර කරන්න ඕනි..
තව කොයි තරම් කාලයක් ඉවසන්න වේවිද මේ ශීත කාලයේ නිමාව දකින්න..
වසන්තයේ දවස් දකින්න, මගේ යාලුවේ..
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ඒ නැති වුණ එයාලාගේම අය නැතුව පාළුයි කියලා මෙතනින් අදහස් කරනවා..
එයාලාගේ පින්තූරයක් දිහා බැලුවත් එයාලා නැති අඩුව දැනෙනවා.. ඉතින් අපිට වුණත් අපි ආදරය කරන අය නැති උනාම ඒ දැනෙන අඩුව, පාළුව මෙතනින් පැහැදිලිව දැනෙනවා...
ඒ වගේම RM කියනවා අගෝස්තු වුණත් මේ ශීත කාලය කියලා.. ඒ කියන්නේ මේ කරදර කාලය කියලා අඟවන්න හදන උත්සාහයක්.. ඒ රජයෙන් මේ සිදුවීම යටගහන්න හදන නිසා මේ යාළුවා බලන්න එන්න විදිහක් නෑ කියලා කියනවා.. එයාටත් යාළුවා බලන්න ඕනි.. ඒත් මේ දේවල් විසදෙනකල් එන්න වෙන්නේ නැ.. ඒ ගැන අඟවන්න තමයි වසන්ත කාලය හා ශීත කාලය යොදා ගෙන තියෙන්නේ..
Like the tiny dust, tiny dust floating in the air
Will I get to you a little faster
If I was the snow in the air
Snowflakes fall down
And get farther away little by little
I miss you (I miss you)
I miss you (I miss you)
How long do I have to wait
And how many sleepless nights do I have to spend
To see you (to see you)
To meet you (to meet you)
Passing by the edge of the cold winter
Until the days of spring
Until the days of flower blossoms
Please stay, please stay there a little longer
මේ තුනී දුහුවිලි වගේ, මේ දුහුවිලි වාතයේ පාවෙනවා වගේ
මමත් මේ වාතයේ තියෙන හිම වුණොත් මටත් ඔයා ගාවට තව ටිකක් ඉක්මනට යන්න පුළුවන් වේවිද??
හිම පියලි බිමට වැටෙනවා..
තව තව ටිකෙන් ටික ඒවා දුරස් වෙනවා..
මට ඔයා නැතුව පාළුයි
තව කොච්චර කාලයක් මෙහෙම බලන් ඉන්න වේවිද??
තව කොච්චර නිදි නැති රැයවල් මට ගත කරන්න වේවිද??
ඔයාව දකින්න..
ඔයාව මුණ ගැහෙන්න..
මේ ශීත කාලය නිමා වෙනතුරු..
වසන්ත කාලය උදා වෙනතුරු..
මල් ලස්සනට පිපෙන කාලය උදා වෙනතුරු..
කරුණාකරලා තව ටිකක් ඉවසන්න...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ඒත් යාළුවා නැති අඩුව දැනෙන එකේ අඩුවක් නෑ.. ඉතින් එයා කියනවා මේ හිම වගේ පාවෙන්න පුළුවන් නම් මට ඔයා ගාවට තව ටිකක් ඉක්මනට එන්න පුළුවන් වෙයි නේද..
ආයෙත් කියනවා ඔයා ගාවට එන්න තව කොච්චර කාලයක් ගත වේවිද..
යාළුවාටත් කියනවා ආයෙත් වසන්තය එනකල් බලාගෙන ඉන්න කියලා.. ඒ කියන්නේ රජයෙන් මේ සිදුවීමට ක්රියාමාර්ගයක් ගන්නකල් ඉවසන්න කියලා..
ඒ දේවල් වෙනකොට මේ දේවල් වලට මුහුණ දීපු ජනතාව විඳපු දුක මේ ගීතයෙන් පැහැදිලි කරලා දෙනවා..
Is it you who changed (Is it you who changed)
Or is it me (Or is it me)
I hate this moment, this time flowing by
We are changed you know
Just like everyone you know
Yes I hate you, you left me
But I never stopped thinking about you, not even a day
Honestly I miss you, but I’ll erase you
'Cause it hurts less than to blame you
I try to exhale you in pain
Like smoke, like white smoke
I say that I’ll erase you
But I can’t really let you go yet
ඔයාද වෙනස් වුණේ??
මමද වෙනස් වුණේ??
කාලය ගෙවිල යන මේ මොහොතටත් මම වෛර කරනවා.. අපි වෙනස් වෙලා.. හැමෝම එහෙම වෙනස් වෙනවා ඇති..
ඔව්.. මාව දාලා ගියපු ඔයාට මම වෛර කරනවා..
ඒත් ඔයා ගැන හිතන එක නවත්තපු නැති දවසක් නැහැ..
ඇත්තටම මට ඔයා නැතුව පාළුයි.. ඒත් මං දැන් ඔයාව අමතක කරලා දාන්නම්..
මොකද ඔයාට බණිනවාට වඩා රිදෙන එක අඩු වේවි..
ඔයාව වේදනාවෙන් මුදවා ගන්න මන් උත්සාහ කරන්නම්..
මේ සුදු පාට දුම වගේ..
ඔයාව අමතක කරනවා කියලා කිව්වට මට ඇත්තටම ඔයාට යන්න දෙන්න බැහැ..
හිම පියලි බිමට වැටෙනවා..
තව තව ටිකෙන් ටික ඒවා දුරස් වෙනවා..
මට ඔයා නැතුව පාළුයි
තව කොච්චර කාලයක් මෙහෙම බලන් ඉන්න වේවිද??
තව කොච්චර නිදි නැති රැයවල් මට ගත කරන්න වේවිද??
ඔයාව දකින්න..
ඔයාව මුණ ගැහෙන්න..
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ඉතින් යාලුවාගෙන් අහනවා ඔයා වෙනස් උනාද නැත්නම් මන් වෙනස් වුණාද කියලා...
අපි හැමෝම වෙනස් වෙනවා ඇති කියලා කියනවා..
යාළුවා දාලා ගියපු එකට,
ඒ වගේම යාළුවා නැතුව ගෙවිලා යන හැම මොහොතකටත් මම වෛර කරනවා කියලා කියනවා...
ඉතින් යාළුවා නැතුව පාළු වුණත් එයාව අමතක කරන්නම් කියලා කියනවා.. ඒ යාළුවට බනින එකට වඩා වේදනාව අඩු කරගන්න පුළුවන් ක්රමයක් කියලා හිතන හින්දා...
ඊළඟට අපේ Jimin කියනවා එහෙම අමතක කරනවා කියලා කිව්වට එයාට ඇත්තට ම එහෙම යන්න දෙන්න බැහැ කියලා..
You know it all
You’re my best friend
The morning will come again
No darkness, no season is eternal
Maybe it’s cherry blossoms
And this winter will be over
I miss you (I miss you)
I miss you (I miss you)
Wait a little bit, just a few more nights
I’ll be there to see you (I'll go there to meet you)
I’ll come for you (I'll come for you)
ඔයා මේ හැමදේම දන්නවා..
ඔයා මගේ හොදම යාළුවා නිසා..
උදෑසන ආයෙත් එනවා...
මොකද කිසිම අඳුරකට සදාකාලික වෙන්න බැරි නිසා...
ආයෙත් cherry පිපිදේවි..
මේ ශීත කාලය නිමා වේවි..
මට ඔයා නැතුව පාළුයි..
ඒත් ටිකක් ඉවසලා හිටියොත්..
තව රාත්රින් කිහිපයක් නිදි නැතුව පහන් කලොත්..
මම ඔයා දකින්න එන්නම්..
මම ඔයා ගාවට එන්නම්...
මේ ශීත කාලය නිමා වෙනතුරු..
වසන්ත කාලය උදා වෙනතුරු..
මල් ලස්සනට පිපෙන කාලය උදා වෙනතුරු..
කරුණාකරලා තව ටිකක් ඉවසන්න...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
එයාගේ හොඳම යාළුවා නිසා මේ කරන හැමදෙයක්ම එයා දන්නවා ඇති කියලා හිතනවා..මෙතනදි උදෑසන ආයේ එනවා කියලා කියන්නේ මේ සිදුවීමට සාධාරණයක් ඉෂ්ට වේවි.. මොකද හැමදාම අඳුර තියෙන්නේ නෑ වගේම රජයෙන් මේ සඟවන දේවල් හැමදාටම සඟවන්න බැරි නිසා..
ඉතින් යාලුවාට කියනවා තව ටික කාලයක් ඉවසන්න මන් ඉක්මනටම එන්නම් ඔයාව දකින්න කියලා..
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
ඇත්තටම දුක හිතෙන සිදුවීමක්... ඒ වගේම ඒකට ගැලපෙන පද රචනයක් කරපු ගීතයක්..
මේ ගීතයෙන් කියනවා වගේ බොරුවට සදාකාලිකව රජ වෙලා ඉන්න බැහැ.. ඒ වගේම ශීත කාලය සදාකාලික නැහැ කියලා අපිට පෙන්නලා දෙන ගීතයක්..
මේක තමයි Spring Day ගීතයේ පදවලින් කියන අර්ථය..
එහෙනම් ඊළඟ post එකෙන් හමුවෙමුකෝ..😍
Borahe Army 💜💜
#zege_ami
Great work 💜️
ReplyDelete😍❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤
ReplyDelete