අපි ඇත්තටම අපිට ආදරෙයිද?
අපේ තියෙන මෝඩ ගතිගුණ වලට?
අපේ තියෙන දුර්වල ගතිගුණ වලට?
අවංකවම ඔයා ඔයා ගැනම හිතලා බලන්න..
ඔයාගේ හදවතට එබිලා බලන්න..
මේ ගීතය release වුණේ 2018 August 9 වෙනිදා love your self answer album එකෙන්..
2nd best selling album ගීතයක් වුණු මේ ගීතයේ 2 million+ copies 2020 වනවිට විකිණී අවසන් වුණා..
ඒ තරම් මේ ගීතයෙන් දෙන පණිවිඩය ප්‍රබලයි..
එහෙනම් යමු ගීතයෙන් කියවෙන දේ ගැන බලන්න..








හරිම අමුතුයි.. අනිවාර්යයෙන්ම මම ඔයාට ගොඩාක් ආදරය කළා..
හැමදේම ඔයාට ලබා දීලා, ඔයා වෙනුවෙන් ජිවත් වුණා..
ඒ විදිහට ජිවත් වුණත් මගේ හිත ඇතුලෙන් කුණාටුවක් ඇත.. ඒක දරාගන්න බැරි තරම්..
හිනා වෙලා වෙස් මුහුණක් තුළ ඉන්න ඇත්ත මම, මගේ මුහුණ එළියට අනාවරණය කරනවා..
Im the one I should love.. in this world..
බැබළෙන මම.. වටිනා මගේ ආත්මය..
අවසානයේදී මම තේරුම් ගත්තා..
So I love me..
එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..
I'm the one I should love..













අපි අපට වඩා වෙන කෙනෙක්ට ආදරය කරනවා.. ඒ කෙනාගේ සතුට වෙනුවෙන් අපේ සතුට කැප කරනවා.. අපි හිතන්නේ ඒක තමයි මගේ සතුට කියලා.. ඉතින් ඒක කොයි තරම් වැරැද්දක් ද කියලා තමයි ජින් මුලින්ම කියන්න හදන්නේ..
හිත ඇතුලෙන් අපි සතුටු නොවෙන තාක් අපි කුණාටුවක් තුළ හිර වෙලා ඉන්නේ..
ඉතින් මේ වෙස් මුහුණ ගලවලා එළියට එන්න.. අපි අපි ම වෙමු.. අපි ගැන හිතමු..
මොකද මේ ලෝකය තුල මම තමයි මට ආදරය කරන්න ඕනි කෙනා.. ඒ ආදරය වෙන කෙනෙක්ගෙන් ලැබෙනකන් බලන් ඉන්න එපා..
කිසිම දෙයක් කරගන්න බැරි වුණත් කමක් නෑ.. කිසිම විනෝදාංශයක් නැති වුණත් කමක් නෑ.. වැඩ බැරි කෙනෙක් වුණත් කමක් නෑ.. ඔයා ඔයාට ආදරය කරන්න.. මොකද ඔයා ගොඩාක් සුන්දර කෙනෙක් නිසා..
















(විචලනයන් සිදු වුණත්, බිය වුණත්, ඉස්සරහට ඇවිද යන්න..)
(කුණාටුව තුළ සැඟවූ ඇත්තම ඔබ හමුවන්න)
ඇයි මම මෙලෙස වටිනා මාව සඟවා ගන්න සිතුවේ..
කුමක් නැතිවේවි කියන බිය නිසා ඇත්තම මම සඟවා ගත්තේ..
Im the one I should love.. in this world..
බැබළෙන මම.. වටිනා මගේ ආත්මය..
අවසානයේදී මම තේරුම් ගත්තා..
So I love me..
එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..
I'm the one I should love..













අපේ ජිවිතේ අපිවම සොයාගෙන යන මේ ගමනේ දී මොන තරම් බාධක ආවත් කමක් නෑ.. මේ කියන බාධක ඇතුලත ඔයාට විරුද්ධව කියන කතා, වෙනස් වුණු යාලුවෝ, අත්හැර ගියපු ආදරවන්තයා ඇතුළු එකී මෙකී නොකී සියලු කතා අන්තර්ගතයි හොඳේ..

ඔයාට ඕනි කෙට්ටු කෙනෙක් වෙන්නද, මහත කෙනෙක් වෙන්නද ඒක ඔයා තීරණය කරන්න.. ඔයා වෙනුවට ඒක වෙන වෙන කෙනෙක්ට තීරණය කරන්න දෙන්න එපා..
මේ job එක ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවානම් අත් හැරලා දාන්න.. ( හැබැයි ඒ ගැන හොඳට හිතලා හොඳේ)
කොන්ඩේ colour කරන්න, tattos ගහන්න ආසනම් ඒ දේවල් කරන්න..
මේ වගේ ඔයාට අවශ්‍ය දේවල් ඔයා කරන්න.. ඔයාට ගැලපෙන දේවල් ඔයා කරන්න..
ඒ දේවල් කරන්න වෙන අයගේ අවසර අවශ්‍ය නෑ කියන එක අමතක කරන්න එපා..
















සමහරවිට උදාසීන වුණත්, අසම්පූර්ණ වුණත්..
සමහරවිට මගේ අඩු දීප්තිය නොපෙනෙනවද දන්නේ නෑ..
එනමුදු මේ මමයි..
මේ වෙනතෙක් ජීවත් වූ මගේ අත් පා හදවත හා ආත්මය..
ආදරය කරන්න ඕනි in this world
බැබළෙන මම.. වටිනා මගේ ආත්මය..
අවසානයේදී මම තේරුම් ගත්තා..
So I love me..
එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..
I'm the one I should love..













ඇත්තටම අපි දෙයක් කරද්දී අනිත් අය මොනවා හිතයිද? අනිත් අය මොනවා කියයිද කියලා බය වෙන්න එපා..
ඒත් එහෙම කිව්වත් මමත් කාලයක් ඒ විදිහට බය වේවි ජිවත් වුණු කෙනෙක්..
ඒ බය ටික ටික අපි නැති කරලා දාමු..
හැමතිස්සෙම මතක තියාගන්න අවශ්‍යම දේ වෙන්නේ
I'M THE ONE SHOULD I LOVE..
ඒ හින්දා ඔයා කැමති විදිහට ඔයාට ගැලපෙන විදිහට ජිවත් වෙන්න..
මේ ඔයාගේ ජිවිතය නිසා


#zege_ami

Borahe 💜️
ReplyDelete❤️🩹❤️🩹❤️🩹
ReplyDelete👍💪
ReplyDelete❤
ReplyDeleteWow
ReplyDelete