Skip to main content

Epiphany - අපි ඇත්තටම අපිට ආදරෙයිද?


අපි ඇත්තටම අපිට ආදරෙයිද? 

අපේ තියෙන මෝඩ ගතිගුණ වලට? 

අපේ තියෙන දුර්වල ගතිගුණ වලට? 

අවංකවම ඔයා ඔයා ගැනම හිතලා බලන්න.. 

ඔයාගේ හදවතට එබිලා බලන්න..






අපි මේ තරම් දුර ආවේ අපේම දක්ෂකමින්.. ඒක කවදාවත් අමතක කරන්න එපා.. මේ ජිවිතය වෙන කෙනෙක් ජිවත් වුණානම් මේ තරම් දුර එන්න ලැබෙන එකක් නෑ.. මේ විදිහට ලස්සනට ජිවත් වෙන එකකුත් නෑ.. මේ තරම් දුර මේ ජිවිතය පැදගෙන ආවේ ඔයා.. ඒ හින්දා ඔයාට ලැබුණු මේ ජීවිතයට ආදරේ කරන්න.. වෙන කවුරුවත් ආදරේ නොකරපු තරමට ආදරේ කරන්න.. 💝💝මන් BTS ගීත වලට ගොඩක් ආදරේ කරන්නේ එයාලා මුල ඉඳන්ම අපිට දෙන්නේ motivation එක නිසා.. ඉතින් Jinගේ solo song එකක් වෙන Epiphany ගීතය ගැන තමයි මන් අද කියන්න යන්නේ..

මේ ගීතය release වුණේ 2018 August 9 වෙනිදා love your self answer album එකෙන්.. 
💜 
2nd best selling album ගීතයක් වුණු මේ ගීතයේ 2 million+ copies 2020 වනවිට විකිණී අවසන් වුණා.. 


ඒ තරම් මේ ගීතයෙන් දෙන පණිවිඩය ප්‍රබලයි..


එහෙනම් යමු ගීතයෙන් කියවෙන දේ ගැන බලන්න..


👇👇👇👇👇👇👇👇

හරිම අමුතුයි.. අනිවාර්යයෙන්ම මම ඔයාට ගොඩාක් ආදරය කළා..


හැමදේම ඔයාට ලබා දීලා, ඔයා වෙනුවෙන් ජිවත් වුණා..

ඒ විදිහට ජිවත් වුණත් මගේ හිත ඇතුලෙන් කුණාටුවක් ඇත.. ඒක දරාගන්න බැරි තරම්..


හිනා වෙලා වෙස් මුහුණක් තුළ ඉන්න ඇත්ත මම, මගේ මුහුණ එළියට අනාවරණය කරනවා..


Im the one I should love.. in this world..


බැබළෙන මම..  වටිනා මගේ ආත්මය..

අවසානයේදී මම තේරුම් ගත්තා.. 


So I love me..

එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..


I'm the one I should love..


💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

අපි අපට වඩා වෙන කෙනෙක්ට ආදරය කරනවා.. ඒ කෙනාගේ සතුට වෙනුවෙන් අපේ සතුට කැප කරනවා.. අපි හිතන්නේ ඒක තමයි මගේ සතුට කියලා.. ඉතින් ඒක කොයි තරම් වැරැද්දක් ද කියලා තමයි ජින් මුලින්ම කියන්න හදන්නේ..


හිත ඇතුලෙන් අපි සතුටු නොවෙන තාක් අපි කුණාටුවක් තුළ හිර වෙලා ඉන්නේ..

ඉතින් මේ වෙස් මුහුණ ගලවලා එළියට එන්න.. අපි අපි ම වෙමු.. අපි ගැන හිතමු.. 


මොකද මේ ලෝකය තුල මම තමයි මට ආදරය කරන්න ඕනි කෙනා.. ඒ ආදරය වෙන කෙනෙක්ගෙන් ලැබෙනකන් බලන් ඉන්න එපා.. 

කිසිම දෙයක් කරගන්න බැරි වුණත් කමක් නෑ.. කිසිම විනෝදාංශයක් නැති වුණත් කමක් නෑ.. වැඩ බැරි කෙනෙක් වුණත් කමක් නෑ.. ඔයා ඔයාට ආදරය කරන්න.. මොකද ඔයා ගොඩාක් සුන්දර කෙනෙක් නිසා.. 🥰😍


💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

(විචලනයන් සිදු වුණත්, බිය වුණත්, ඉස්සරහට ඇවිද යන්න..)


(කුණාටුව තුළ සැඟවූ ඇත්තම ඔබ හමුවන්න)


ඇයි මම මෙලෙස වටිනා මාව සඟවා ගන්න සිතුවේ..


කුමක් නැතිවේවි කියන බිය නිසා ඇත්තම මම සඟවා ගත්තේ..


Im the one I should love.. in this world..


බැබළෙන මම..  වටිනා මගේ ආත්මය..

අවසානයේදී මම තේරුම් ගත්තා.. 


So I love me..

එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..


I'm the one I should love..
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

අපේ ජිවිතේ අපිවම සොයාගෙන යන මේ ගමනේ දී මොන තරම් බාධක ආවත් කමක් නෑ.. මේ කියන බාධක ඇතුලත ඔයාට විරුද්ධව කියන කතා, වෙනස් වුණු යාලුවෝ, අත්හැර ගියපු ආදරවන්තයා ඇතුළු එකී මෙකී නොකී සියලු කතා අන්තර්ගතයි හොඳේ.. 😊
ඔයාට ඕනි කෙට්ටු කෙනෙක් වෙන්නද, මහත කෙනෙක් වෙන්නද ඒක ඔයා තීරණය කරන්න.. ඔයා වෙනුවට ඒක වෙන වෙන කෙනෙක්ට තීරණය කරන්න දෙන්න එපා..
මේ job එක ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවානම් අත් හැරලා දාන්න.. ( හැබැයි ඒ ගැන හොඳට හිතලා හොඳේ)
කොන්ඩේ colour කරන්න, tattos ගහන්න ආසනම් ඒ දේවල් කරන්න.. 
මේ වගේ ඔයාට අවශ්‍ය දේවල් ඔයා කරන්න.. ඔයාට ගැලපෙන දේවල් ඔයා කරන්න.. 
ඒ දේවල් කරන්න වෙන අයගේ අවසර අවශ්‍ය නෑ කියන එක අමතක කරන්න එපා..
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝😍

සමහරවිට උදාසීන වුණත්, අසම්පූර්ණ වුණත්..
සමහරවිට මගේ අඩු දීප්තිය නොපෙනෙනවද දන්නේ නෑ..
එනමුදු මේ මමයි..
මේ වෙනතෙක් ජීවත් වූ මගේ අත් පා හදවත හා ආත්මය..

ආදරය කරන්න ඕනි in this world
බැබළෙන මම..  වටිනා මගේ ආත්මය..
අවසානයේදී මම තේරුම් ගත්තා.. 
So I love me..
එතරම් පරිපූර්ණ නොවුනද ගොඩාක් සුන්දර බව..

I'm the one I should love..
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

ඇත්තටම අපි දෙයක් කරද්දී අනිත් අය මොනවා හිතයිද? අනිත් අය මොනවා කියයිද කියලා බය වෙන්න එපා.. 
ඒත් එහෙම කිව්වත් මමත් කාලයක් ඒ විදිහට බය වේවි ජිවත් වුණු කෙනෙක්.. 
ඒ බය ටික ටික අපි නැති කරලා දාමු..

හැමතිස්සෙම මතක තියාගන්න අවශ්‍යම දේ වෙන්නේ 
I'M THE ONE SHOULD I LOVE..
ඒ හින්දා ඔයා කැමති විදිහට ඔයාට ගැලපෙන විදිහට ජිවත් වෙන්න.. 
මේ ඔයාගේ ජිවිතය නිසා 💝💝
#zege_ami
(copied)


Comments

Post a Comment

Popular posts from this blog

2013 -2022 ආදරණීය මතක වසර 3ක සටනක් ආරම්භ වී තිබූ  අතර මයික් එක, ලේවලින් සහ දහඩියෙන් තෙත් වු අවස්ථාවන් අපමණය. සියලු නින්දා අපහාස, අභියෝග හමුවේ වයස අවුරුදු 20 දී ඔබට වඩා ඉදිරියට ගොස් ඇත්තේ මාය. (Born Singer) ඔබේ සිහිනය කුමක්ද?   ඔබ කවදා හෝ කිසි දෙයකට වෙහෙස මහන්සි වී වැඩ කර ඇත්දැයි ඔබෙන්ම අසන්න.  ඔබේ සිහිනය වෙත යාමට පසුබට වීම නවත්වන්න. අවිනිශ්චිත වීම නවත්වන්න. (No More Dream) මම එක, දෙක, තුන කිව්වම ඒක අමතක කරන්න.   දුක මතක ඔක්කොම මකන්න.  මගේ අත අල්ලගෙන හිනාවෙන්න. එකිනෙකාගේ අතින් අල්ලගෙන හිනාවෙන්න.  තවත් සුබ දවසක් බලාපොරොත්තු වෙනවා නම්  මම කියන දේ විශ්වාස කරන්න  (2,3 hoping for more good) 21 වන සියවසේ ගැහැණු දරුවන් ලෙස ශක්තිමත්ව ඉදිරියට යන්න (21st Century Girls) අනාගතයේ  නව ලෝකයක්, නව සිහිනයක් මම අද  සොයා ගියෙමි.  හිරු එළියේ හිස ඔසවන්න. දවස එන විට මම එහි සිටිමි  (අලුත් දිනයක්) ( A brand new day)  වේදනාව , ඕනෑවට වඩා අඬනවා ' නැවත ශීත කාලය පැමිණියත්, මාව අවහිර කළත්, මම තවමත් ඇවිදින්නෙමි  අපි සදාකාලිකයි, වෙඩි නොවදින...

Love yourself 💜️💟🤝

Speak Yourself 💜️ "No matter Who You are , Where You're From  , Your Skin Color , Your gender identity , Just Speak Yourself …" - RM (BTS) -

Universe💜

My Universe  MV Explanation and Lyrical Analysis  බටහිර සංගීතය හා නැගෙනහිර සංගීතය එකට යා කරමින් පොප් සංගීත ලෝකයේ සුපිරි කණ්ඩායම් දිවිත්වයක් වන BTS හා Coldplay එකට එක්ව නිර්මාණය කල My Universe ගීතය පසුගිය 24 වෙනිදා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියා..එහි නිල මියුසික් විඩියෝව Coldplay නිල You Tube නාලිකාව ඔස්සෙ අද දිනයේදී රසිකයින් වෙත තිලිණ කරන්නට ඔවුන් වග බලා ගත්තා.. මෙම මියුසික් වීඩියෝව හා ගීතය තුල භාවිතා කර ඇති ඉහළ තාක්ශණික උපක්‍රම නිසාම එය රසිකයින් ය වඩාත් සමීප කරන්නට සමත් උනා..මියුසික් වීඩියෝව සිනමාත්මක වර්ණයකින් නිර්මාණය වීමත් එය Hologram තාක්ශණය ඔස්සේ නිර්මාණය කිරීමත් ඒ තුල යොදාගෙන ඇති නිර්මානාත්මක සංකල්පයන්ට වඩාත් සුවිශේශි බවක් එක් උනා.. මියුසික් වීඩියෝව ගැන විමසීමෙදී එහි පසුබිම උදෙසා යොදාගෙන ඇත්තෙ ක්ශිරපතයක්..එකී විශ්වය තුළ සංගීතය තහනම් වූ කාල වකවානුවක එක්තරා රේඩියෝ වැඩසටහනක් ඔස්සේ විශ්වයේ දිශා ත්‍රිත්වයක සිටිනා සංගීතවේදී කණ්ඩායම් තුනක් Hololand ඔස්සේ සම්බන්ධ කර පවත්වන එක්තරා ආකාරයක ප්‍රසංගයක් කතාවක් ආකාරයෙන් දිවෙනවා.."BTS" , "Coldplay" හා ,"Supernova 7"...